Oct 30, 2017

මෝරා



බටහිර අප‍්‍රිකාවේ ගෝත්‍රයකට අයත් මිනිසුන් වනය ආශ‍්‍රිතව ගෙවන දුෂ්කර ජීවිතයට පුහුණුවීමට පටන් ගන්නේ වයස අවු 12 සිටය. ඔවුන් වනයට පිවිසීමට සති 2කට පෙර ගෝත්‍රික නැටුම පටන්ගනී. නියම පිරිමියෙකු වීමට නම් වනයේ දුෂ්කර ජීවිතයකට මුහුණ දීමට හැකියාව තිබිය යුතුය. ඔවුන් එයට ශක්තිය ලබාගන්නේ මෝර නැටුමෙනි. මෝරා ශක්තිය, තරඟකාරිත්වය හා ලිංගික ශක්තිය සංකේතවත් කරන අතර තම ශක්තිය පාලනය කර අවශ්‍ය දිශාවට යොමු කළ හැකි සත්වයෙක් ලෙස මෙම මිනිසුන් විශ්වාස කරයි. ඔවුන්ගේ සමාජයේ මෝරා හොඳ හෝ නරක ලෙස වර්ග කර නැත. ඔවුන්ට මෝරා සොබාදහමේ ශක්තිය පෙන්නුම්කරන සත්වයෙකි.

  ජාවා සුමාත‍්‍රාවල වෙසෙන මිනිසුන් ද ඉන්දියන් සාගරයේ මෝර දඩයම සිදුකරයි. ඔවුන්ගේ ඇදහිලි තුල මෝරාට තැනක් හිමි වී නොමැත. ඔවුන් බිය වන්නේ කුණාටු වලට පමණි. ඔවුන්ගේ මිත්‍යා විශ්වාස ද පදනම් වී ඇත්තේ ජලය හා සුළඟ මත පමණයි. මෝරාගේ ශරීරයෙන් වටිනාම අංගය වරල්ය. වරල් වෙළඳාමෙන් ඔවුන් කෙසේ හෝ ජීවත් වේ. මොවුන්ට මෝරා මස් කිරීමට හෝ විකිණීමට කිසිඳු පූජාවක් අවශ්‍ය නොවේ. මෙම රටවල මිනිසුන් මෝරාගේ කිසිඳු කොටසක් ඉවත නොදමයි. ආහාර හා අත්කම් භාණ්ඩ නිපදවීමට එම කොටස් යොදාගනී.

 නමුත් වර්තමානය වන විට මිනිසුන් මෝර සමූල ඝාතනයේ යෙදෙමින් මෝර වරල් වෙළඳාමේ නිරත වේ. මෝරාගේ පැවැත්මට බොහෝ ලෙස බලපා ඇත්තේ මුදල් සහ තාක්ෂණයයි.

    

මෝරා සාමාන්‍ය මත්සයෙකු නොවේ ඉතා සූක්ෂම හා දක්ෂ දඩයම් කරුවෙකි. මෝරන් සතු විශේෂ හැකියාව වන්නේ අනෙක් මෝරුන් පිටකරන ඉතා කුඩා විද්‍යුත් සංඥා හඳුනා ගැනීමේ හැකියාවයි මෝරාගේ හිස ප‍්‍රදේශයේ ලොරෙන්සිනී බල්බ නමින් හැඳින්වෙන ස්නායුමය ග‍්‍රන්ථි විශේෂයක් පිහිටා ඇත. තම වර්ගයා පිටකරන විද්‍යුත් සංඥා හඳුනාගැනීමට මෙම ග‍්‍රන්ථි උපකාරවේ.

මෝරා ගැන ඔබ නොදත් තවත් තොරතුරු
සඳුදා රාත‍්‍රී 7.00ට
මෙවර මිහිකත ඔබේය වාර්තා වැඩසටහන තුළින්..

Oct 22, 2017

දිය බල්ලා සහ දිය කාවා

දිය බල්ලන්


 ඈත අතීතයේ දිය බල්ලන් ඇති කර ඔවුන් යොදාගෙන දඩයම් සිදු කරන පිරිසක් ජීවත් විය. මෙම පිරිස ඉතාම අඩු සංඛ්‍යාවකි. මොවුන් මෙය සිදු කළේ සිරිතක් ලෙසයි. දිය බල්ලා යනු ගෙදරදොර ඇතිකරන සතෙක් නොවේ. ඔවුන් නිදහසේ ජීවත් වන සත්ව විශේෂයකි.





 මෙම සතුන් හීලෑ කරගැනීමේ රහස් ශාස්ත‍්‍ර දැන සිටියේ මෙම මින්සුන්ගේ පරම්පරා වල අයයි. එයින් එක් ක‍්‍රමයක් වන්නේ දිය බල්ලන්ට උයපු මාළු කෑමට දීමයි. දිය බල්ලන්  මෙම රසට ඉතා ප‍්‍රිය කරන අතර කලක් ගතවන විට ඔවුන්ට ඒවා නැතිවම බැරිවන තත්වයට පත්වේ. දිය බල්ලන් යොදාගෙන මාළු ඇල්ලීමෙන් ඇති වාසිය වන්නේ ඔවුන් අල්ලන මාළුන් ඔවුන් ආහාරයට නොගැනීමයි. ඔවුන්ගේ දිගු රැුවුල මාළු පිළිබඳ ඉව ලබා දෙයි. දිය බල්ලන්ට සම කළ හැකි මාළු අල්ලන්නන් එම ප‍්‍රදේශවල නොමැත.


දිය කාවා



තවත් ප‍්‍රදේශයක ජීවත් වන මිනිසුන් කුරුල්ලන් යොදාගෙන මාළු ඇල්ලීම සිදු කරයි. ඔවුන් මේ සඳහා යොදගන්නේ උසස් පරම්පරාවකින් පැවතඑන දිය කාවන් විශේෂයකි. මෙම කුරුල්ලන් යොදාගෙන හොඳම මාළු අල්ලා ගැනීමට ධීවරයන් සමත්ය. 


හැම ධීවරයන්ම උත්සාහ කරන්නේ හොඳම කුරුල්ලන් තමන් සතු කරගැනීමටයි. එයට හේතුව හොඳම කුරුල්ලන්ගෙන් ඔවුන්ට විශාල මාළු ප‍්‍රමාණයක් අල්ලාගත හැකි වීමයි. 
 
සාමාන්‍යයෙන් ධීවරයන් මාළු ඇල්ලීමට යාමේදී හොඳ පරම්පරාවකින් පැවත එන ජවසම්පන්න කුරුල්ලන් 9 ක් රැගෙන යයි. මෙම දිය කාවෙකුට මිනිත්තු 2ක් දිය යට රැඳී සිටිය හැකි අතර මීටර් 25ක් පමණ දිය යට කිමිදිය හැකිය.

මෙම අපූරු දඩයක්කරුවන් පිළිබඳ තවත් තොරතුරු
සඳුදා රාත‍්‍රී 07.00ට
මෙවර මිහිකත ඔබේය වාර්තා වැඩසටහනෙන්

Oct 12, 2017

මී පුර සිහින - වාර්තා වැඩසටහන



මිනිස් මොළයේ අසිරිය විමර්ශනය කිරීම සඳහා විද්‍යාඥයන් විසින්  මීයන්ගෙන් මිනිසුන්ගේ ශරීර අවයව හා ක්‍රීයාකාරීත්වයට සමාන පර්යේෂනාගාර මීයන් විශේෂයක්  නිර්මාණය කරන ලදි.  එම මීයන්ට කෘතඥ වන්නට  අද වන විට නව සොයා ගැනීම් රාශියක් සිදු කර ඇත. අද වන විට නියුරෝන තාක්ෂණය විශාල අභියෝග වලට මුහුණපා ඇත.  අපට අපගේ මොළය කියවිය හැකි ද? අපේ හැඟීම් සහ බිය පාලනය කල හැකි ද ? සිතුවිලි ධාරා මගින් යන්ත‍්‍ර සූත‍්‍ර පාලනය කල හැකි ද? දුර සිට ඒවා පාලනය කල හැකි ද ? ඒ පරීක්ෂණ වලට මුහුණ දෙන  මීයන් අපිට ප‍්‍රථම මේ සියලූ අත්දැකීම් විඳගන්නවා.




    ඔබේ සිහින පටිගත කර ඔබට චිත‍්‍රපටයක් සේ නැරඹිය හැකි යන්ත‍්‍රයක් ගැන ඔබ සිතන්නේ කුමක් ද? නමුත් මීයන්ට නම් මෙය තව දුරටත් විද්‍යා ප‍්‍රබන්ධයක් නොවේ. විද්‍යාඥයින් විසින් නිපදවා ඇති මීයාගේ මොළයට සම්බන්ධ කර ඇති ඉලෙක්ට්‍රෝඩ මගින් ඔවුන්ගේ මොළයේ නියුරෝන දහස් ගණනක ක‍්‍රියා කාරිත්වය පටිගත කරයි. සිරුරේ අනෙක් කොටස් වලට මෙන් මොළයට වේදනා ප‍්‍රතිග‍්‍රාහක නොමැත. එම නිසා මොළයට මෙම උපකරණයක් සවිකර තිබියදී ද මීයා සාමාන්‍ය මියෙකු ලෙස හැසිරේ. එම ඉලෙක්ට්‍රෝඩ මගින් මීයාගේ මොළය යම්තාක් දුරට කියවිය හැක.



    මේ සිහින පටිගත කිරීමේ නිර්මාතෘ මැට් විල්සන් මහතා ය.මෙහි දී පරීක්ෂණ මීයාගේ මොළයේ විශේෂ අවස්ථා හඳුනාගත හැකි වන සේ සරල කර තිබේ. හිපෝකැම්පසය පිටත්කර හැරීමේ මධ්‍යස්ථානයක් හා සමානයි. සැනෙකින් ලැබෙන පිළිතුරුවලින් එය තෝරාගන්නේ අවශ්‍ය ඒවා පමණයි. හිපෝකැම්පසය තුල ස්ථානීය
සෙෙල තිබේ. එනම් විශේෂ ස්ථාන හා බැඳී පවතින නියුරෝනයි. මෙම ස්ථානීය සෙෙල භාවිතයෙන් මීයා ඔහු සිටින පරිසරය සිතියම් ගත කරයි. අපගේ මතකය හා අවකාශ නිරූපනය ප‍්‍රථමයෙන්ම ජනනය වන්නේ හිපෝකැම්පසය තුලයි. මැට් විල්සන් මහාචාර්ය වරයා පවසන ආකාරයට මීයන් සිතන්නේ අග ඉඳන් මුලටයි එමෙන්ම හීන සංක්ෂිප්තයි. නමුත් එයට කල් ගත වන බවයි...

මී පුර සිහින බැලීමට
සඳුදා රාත‍්‍රී 07.00 ට
මිහිකත ඔබේය වාර්තා වැඩසටහන සමගින්
ඔබත් එක්වන්න...
    

Oct 5, 2017

කොමොඩෝ මකරු

මේ මිහිතලය වසර මිලියන 65කට පෙර සුවිසල් උල්කාවක් මිහිමත ගැටුනා ද? එය කුමක් වුවත් එයින් ඩයිනෝසරයන් විනාශ විය. අද ජීවත් වන්නේ හරියට කිඹුලන් මෙන් එයින් බේරුන පිරිසකි. නමුත් දිවි ගලවාගත් පිරිස අතර ඉන්දුනීසියාව දෙසින් තවත් සතෙකු විය. එ් ආදි කල්පිත මකර සංකල්පයට තුඩු දුන් කොමොඩෝ මකරුන්ය.
   
    කොමොඩෝ මකරුන්ට අයත් ප‍්‍රදේශය වසර 1500ට පෙර ජාවා සිට  ඕස්ටේ‍්‍රලියාව දක්වා පැතිර තිබිණි. නමුත් අද එය කුඩා දූපත් 3කට සීමාවී පවතී. මේ ප‍්‍රදේශය අක්කර හාරලක්ෂ විස්සක් පමණ පුරා පැතිරුණ ජාතික සත්ව උද්‍යානය යි. මෙයට කොමොඩෝ දූපත් පවා ඇතුලත් වේ.         


    අයිස් යුගය අවසානයේ ග්ලැසියර් දිය වීමත් සමඟ මුහුදු මට්ටම ඉහළ යන ලදි. ඒ සමගම කො‍මොඩෝ මකරුන් දඩයක්කරුවන් ලෙස අනුවර්තනය විය. මෙම දූපත් වල අධිපතීන් ලෙස ඔවුන් එකල සිටම වැජඹේ. මේ සත්වයා ලොව විශාලතම කටුසු වර්ගට අයත් වේ. ප‍්‍රමාණයෙන් විශාලතම සත්වයා හමුවී ඇත්තේ  ඕස්ටේ‍්‍රලියාවෙනි. දිග අඩි 22 පමණ වේ. නමුත් වර්තමානයේ මොවුන්ගේ වර්ධනය අඩි 9ක් දක්වා සීමා වී ඇත.


    කොමොඩෝ මකරා දැඩි නිය සහිත ඇඟිලි 5කින් යුක්ත සවිමත් ගාත් මෙන්ම දත් 52කින් යුත් මුඛයකින් ද සමන්විතවේ. දඩයක්කරුවෙකු ලෙස විශාල ගොදුරු පවා ලබා ගැනීමට මොවුන්ට හැකියාව පවතී. ගොදුර ලබා ගත් පසු තම වර්ගයේ සෙසු සගයන් හා එය බෙදා ගනී.

  

 
   කො‍මොඩෝ මකරුන් පළමුව හමුවන්නේ පළමු යුධ සමයෙදීය. 1911 දී ලන්දේසි ගුවන් නියමුවෙකු ක‍්‍රියාන්විතය අතරතුර යානයත් සමග කොමොඩෝ සතුන් අතරට කඩා වැටිණි. යානය ගිනිගත්ත ද නියමුවා ජලාශයට පැන දිවි ගලවා ගන්නා ලදි. ඉතා කටුක ගමනකින් පසු ඔහු නැවත ජාවා දූපත් වෙතට ලඟා විය. ඔහුගේ නායකයන් වෙත ලියූ වාර්තාවේ මේ දූපත ගැන විග‍්‍රහයක් කොට ඇත. එහි මකරුන් හා විශාල උරගයින් සිටින බව වාර්තාවේ සඳහන් විය.

   

    මේ මකරුන් ජීව විද්‍යාත්මක ලක්ෂණ 4කින් යුක්තයි. ඒ සැවානා, කඩොලාන, මධ්‍ය පරිසර හා ගංගාශ‍්‍රිත ලක්ෂණයි. බහුතරය සැවානා ආශ‍්‍රිත ලක්ෂණ පෙන්නුම් කරයි. කොමොඩෝ මකරුන් තනිව වෙසෙන උදාසීන ගති පැවතුම් ඇති සත්ව විශේෂයකි. ඔවුන්ගේ සැරිසර ප‍්‍රදේශයන් වර්ග සැතපුම් 1.5ක් පමණ පුළුල් වේ. එබැවින් ගහනයේ දත්ත ලබා ගැනීම තරමක් අපහසු වේ. විද්‍යාඥයින්ගේ දත්ත අනුව කොමොඩෝ වර්ග 600ක් පමණ මෙහි ජීවත් වේ. ඉන් 240ක් පමණ කොමොඩෝ මකරුන් ය. මේ උරගයන් දවස ගෙවන්නේ ඇවිදිමින් අව්ව තපිමින් හෝ ගස් සෙවණක යි. සූර්ය රශ්මිය දැඩි වන විට සෙවණක් කරා ඔවුන් ඇදී යයි. මේ උරගයන් සෙවණ සොයා විවිධ ස්ථාන වලට යන අතර නිතරම වෙනත් සතුන්ගේ නිවහන් ගුහාවන් හෝ ගස් බෙන වල ඔවුන් ලගී.

   
කොමොඩෝ සතුන් විශාල වුව ද ආහාර ගන්නේ මද වශයෙනි. සෙසු උරගයන්ට මෙන්ම ඔවුන්ට ද ඇත්තේ අවම පරිවෘත්තීය ප‍්‍රතිශතයකි. දඩයම් සඳහා සෙසු සතුන් භාවිත කරන ක‍්‍රමෝපායන් මොවුන් ද යොදා ගනී. මොවුන් විශාල ගොදුරු මෙන්ම ක්‍ෂීරපායින් ද අහාරයට ගනී.
සමහර උරගයන් මෙන් ගස් නැගීමට කොමොඩෝවන් අසමත්ය. නමුත් අඩි 4.5පමණ වන කුඩා අවධියේ දී ඔවුන් එයට ඉතා දක්ෂයි.

      
කොමොඩෝ මකරුන් පිළිබඳ සවිස්තරාත්මකව දැනගන්න

සඳුදා රාත‍්‍රී 7.00ට මිහිකත ඔබේය වාර්තා වැඩසටහන නරඹන්න.