Dec 11, 2017

අලි ඇතුන්ගේ කතාව

අලි ඇතුන්ගේ කතාව

    අලි ඇතුන් වළාකුළු පවුලට අයිති වන බවත් ඔවුන්ගේ ශරීරය වළාකුළු මෙන් අළු පාට බවත් අලියාගේ කුංචනාදය අකුණු ශබ්දය හා සමාන බවත් අතීතයේ මිනිසුන්ගේ විශ්වාසයයි.



එම නිසා අලින් රංචු ගැසෙන විට අලින්ගේ සහෝදරයන් වන වළාකුළු, බැහැදැකීමට පැමිණෙන්නේ ගොවිතැනට අවශ්‍ය වර්ශාවත් රැගෙන බව පැරණි ආසියාතික ගැමියන්ගේ විශ්වාසයයි.



    අලි ඇතුන් මුල්වරට දුටු මිනිසුන් සිතුවේ ඉදිරියෙන් ඒ තරම් දිග වලිගයකුයි පසු පසින් ඉතා කෙටි වලිගයක් ඇති අලි ඇතුන් අත්භූත සත්ව වර්ගයක් ලෙසයි.  කඳු මුදුන් තරම් උස්වූ ඇතා තම හිසින් ලොකය ඔසවා සිටින බව පරණ ආගමික ග‍්‍රන්ථ වල සඳහන් වේ. ඇතා විශේෂයෙන් සුදු ඇතෙක් නම් සුභ නිමිත්තක් ලෙස සලකයි.
   
    ඉතා බුද්ධිමත් රූමත් දේවියක වූ මහාමායා දේවිය ගිම්හානයේ එක රාත‍්‍රියක එක් සුභ සිහිනයක් දුටු අතර එහි වූයේ සුදු ඇත් පැටවෙක් නෙළුමක් රැගෙන අහසින් බැස ඇයට නමස්කාර කළා එයින් දසමසකට
පසුව සිදුහත් බෝසතාණන් මෙලොව එළිය දිටීය.

        මිනිස් ශරීරයක් හා ඇත් හිසක් සහිත ගණ දෙවියන්, ප‍්‍රඥාවට අධිපති දෙවියන් ලෙස සැලකේ. ශිව දෙවියන්ගේත් පාර්වතී දේවියගේත් පුතුවන ගනේෂ් එක්තරා ආරවුලකට මැදිව හිස කඳෙන් වෙන් විය ඔහුගේ ජීවිතය ගලවා  ගැනීමට මුලින්ම හමුවන සත්වයගේ හිස ඔහුට සවිකල යුතු විය.ඒ අනුව මුලින් හමුවූ ඇතාගේ හිස ඔහුට සවිකරන ලදි.

 අලි ඇතුන් පිළිබඳ තවත් තොරතුරු දැනගැනීමට 
සඳුදා රාතී‍්‍ර 7.00ට
මෙවර මිහිකත ඔබේය නරඹන්න......                      

No comments:

Post a Comment