Feb 13, 2018

ලීමර් වඳුරන් සහ හිම වලසුන්

ඇලිසන් සහ ලීමර් වඳුරන්




 වානර විශේෂඥ ඇමරිකානු විද්‍යාඥ ඇලිසන් ජොලී 30 වසරක්ම වඳුරන් පිළිබඳ අධ්‍යනයක යෙදී සිටියි. 


මැඩගස්කරයේ පමණක් වෙසෙන මෙම අපූරු අමුතු සතුන් නිරීක්ෂණයට ඇලිසන් වසරක් පාසා මෙහි පැමිණෙයි.මෙම දිවයිනේ වන පියස මැඩගස්කර භූ ප්‍රදේශය ග්‍රහලෝකයේ ආදිතම සත්ව විශේෂයක් වන ලීමර් වඳුරන්ගේ වාස භූමියයි. 



වානර පවුලට අයත් ලීමරයන් සත්ව විද්‍යාත්මක වර්ගීකරණයේදී
වඳුරන්ට වඩා පැරණි තැනක් ගනී.

 ඉතා බිය සුළු සත්ව විශේෂයක් වන ලීමර් වඳුරන් නිදාගන්නා විට පවා ඉතාමත් සෝදිසියෙන් සිටී.

මැල්කම් සහ හිම වලසුන්




මැල්කම් රැම්සි, විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙකි. ඔහු වසර 13ක සිට හිම වලසුන් පිළිබඳ අධ්‍යනය කරමින් සිටී. කැනඩාවේ උතුරු දෙසින් පිහිටි හඩ්සන් වෙරළ තීරයට සරත් සෘතුව ළඟා වූ විට හිම වලසුන් 1000 ක් පමණ තුන්මසක් පමණ බලා සිටින්නේ දිය මත අයිස් තට්ටු සෑදෙන තුරුයි. ඔවුන්ගේ එකම ආහාරය වන සීල් මත්ස්‍යයින් පැමිණෙන්නේ එවිටයි.




 වැලහින්නක් රාත්තල් 650ක් පමණ බරින් යුක්තයි. වැඩුනු වලසෙකු එමෙන් තුන් ගුණයක් බරින් යුක්තවේ.




 හිම වලසුන් ප්‍රජනන ක්‍රියාවලියේ යෙද‍ෙන්නේ අප්‍රේල් මාසයේය. සරත් සෘතුව එළඹෙන විට වලස් මව පොළවේ ගුහාවක් සාදාගෙන හෝ වෙනත් සුදුසු ස්ථානයකට ගොස් දරු ප්‍රසූතියට සූදානම් වේ. 
 දෙසැම්බරයේදී පමණ පැටවුන් දෙදෙනෙකු, තුන්දෙනෙකු හෝ ඇතැම් විට එක් පැටවකු බිහිකරයි.

Feb 6, 2018

තල්මසුන් සහ මාමත්

රිචඩ් සහ තල්මසුන්




නැගෙනහිර කැනඩාවේ ශාන්ත ලොරන්ස් නදිය අසබඩ මැයි සහ නොවැම්බර් අතර කාලයේ වරල් තල්මසා, නිල් තල්මසා සහ පිට කුදු තල්මසා යන තල්මසුන් විශේෂ දක්නට ලැබේ. 


රිචඩ් මෙම අපූරු සතා ගැන අධ්‍යනයට අවුරුදු පතා මෙහි පැමිණේ.

    පිටකුදු තල්මසුන් වරල් තල්මසුන් නිල් තල්මසුන් යන සෑම විශේෂයකටම යටි තල්ල ප‍්‍රදේශයේ රැලි සහිත පසුම්බියක් ඇත. මුඛය පිම්බීමට හා හැකිලීමට එමගින් හැකියාව ලැබේ.




 ටොන් 10ත් 20ක් අතර වතුර ප‍්‍රමාණයක් එහි සිටින මසුන් සමග ඌ මුඛයට ගනී. පසුව ඒ ජලය පිටතට ගැනීමට උඩුතල්ලේ පිහිටි යෝධ බුරුසුවක් වැනි බැලීන උපකාරී වේ. එවිට මුඛයේ රැඳෙන මසුන් ඌ ගිල දමයි. 
බැලීන



ජැක් සහ මාමත්

නිරිත දිග ප‍්‍රංශයේ වැනුවාස් ජාතික වනෝද්‍යානය වන සතුන් රැසකින් වාස භූමියයි. එය දස අත පැතිරැණු නිම්න හා උස් කඳුවලින් යුතු රක්ෂිත ප‍්‍රදේශයකි. 





සියවස් ගණනක් මෙම සතුන් හඳුන් වන ලද්දේ කඳුකරයේ මූසිකයන් යන නමිනි. මී කුලයට අයත් සතෙකු වන මාමත් යුරෝපයේ වෙසෙන ලෑටිගාන සතුන්ගෙන් විශාලතම එහෙත් බීමරයන්ට පමණක් කුඩා සිව්පාවෙකි. 



දැනට මාමත් විශේෂ 16කට වඩා ලොව පුරා හඳුනාගෙන ඇත. අපේ‍්‍රල් සිට ඔක්තෝබර් මාස වලින් පසු මාමටයන් බිම් කුහර වලට ගොස් නිදාගනී.



 මාමටයන්ගේ ගැබ් කාලය දින 30 කි. වරකට ග්රෑම් 30ක් බර පැටවුන් 2ක් හෝ 5ක් වරකට උපත ලබයි.

මේ අයුරින් දිග හැරෙන "තල්මසුන් සහ මාමත්"  ගැන තවත් තොරතුරු දැනගැනීමට සඳුදා රාතී‍්‍ර 7.00ට
මෙවර මිහිකත ඔබේය නරඹන්න......