Feb 13, 2018

ලීමර් වඳුරන් සහ හිම වලසුන්

ඇලිසන් සහ ලීමර් වඳුරන්




 වානර විශේෂඥ ඇමරිකානු විද්‍යාඥ ඇලිසන් ජොලී 30 වසරක්ම වඳුරන් පිළිබඳ අධ්‍යනයක යෙදී සිටියි. 


මැඩගස්කරයේ පමණක් වෙසෙන මෙම අපූරු අමුතු සතුන් නිරීක්ෂණයට ඇලිසන් වසරක් පාසා මෙහි පැමිණෙයි.මෙම දිවයිනේ වන පියස මැඩගස්කර භූ ප්‍රදේශය ග්‍රහලෝකයේ ආදිතම සත්ව විශේෂයක් වන ලීමර් වඳුරන්ගේ වාස භූමියයි. 



වානර පවුලට අයත් ලීමරයන් සත්ව විද්‍යාත්මක වර්ගීකරණයේදී
වඳුරන්ට වඩා පැරණි තැනක් ගනී.

 ඉතා බිය සුළු සත්ව විශේෂයක් වන ලීමර් වඳුරන් නිදාගන්නා විට පවා ඉතාමත් සෝදිසියෙන් සිටී.

මැල්කම් සහ හිම වලසුන්




මැල්කම් රැම්සි, විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙකි. ඔහු වසර 13ක සිට හිම වලසුන් පිළිබඳ අධ්‍යනය කරමින් සිටී. කැනඩාවේ උතුරු දෙසින් පිහිටි හඩ්සන් වෙරළ තීරයට සරත් සෘතුව ළඟා වූ විට හිම වලසුන් 1000 ක් පමණ තුන්මසක් පමණ බලා සිටින්නේ දිය මත අයිස් තට්ටු සෑදෙන තුරුයි. ඔවුන්ගේ එකම ආහාරය වන සීල් මත්ස්‍යයින් පැමිණෙන්නේ එවිටයි.




 වැලහින්නක් රාත්තල් 650ක් පමණ බරින් යුක්තයි. වැඩුනු වලසෙකු එමෙන් තුන් ගුණයක් බරින් යුක්තවේ.




 හිම වලසුන් ප්‍රජනන ක්‍රියාවලියේ යෙද‍ෙන්නේ අප්‍රේල් මාසයේය. සරත් සෘතුව එළඹෙන විට වලස් මව පොළවේ ගුහාවක් සාදාගෙන හෝ වෙනත් සුදුසු ස්ථානයකට ගොස් දරු ප්‍රසූතියට සූදානම් වේ. 
 දෙසැම්බරයේදී පමණ පැටවුන් දෙදෙනෙකු, තුන්දෙනෙකු හෝ ඇතැම් විට එක් පැටවකු බිහිකරයි.

No comments:

Post a Comment