Mar 7, 2018

ජිරාෆයෝ සහ කළු ඩොල්ෆින්

වූටර් සහ ජිරාෆයෝ

දකුණු අප‍්‍රිකාව වනජීවී රක්ෂිත ප‍්‍රදේශයක් මෙන්ම ජිරාෆයන්ට පාරාදීසයකි. මෙහි එක් ප‍්‍රදේශයක ජිරෆයන් අභිරහස් ලෙස මිය යාමට පටන්ගෙන තිබිණි. 

වුටර් වෑන් ජීව විද්‍යාඥයෙක් මෙන්ම ජිරාෆ් වැනි ක්ෂීරපායින් පිළිබඳ විශේෂඥයෙක්. ඔහුට මිය ගිය ජිරාෆයන්ගේ ඡායාරූප ලැබුණි. ඔවුන් මිය යාමට හේතුව කිසිවෙකු දැන සිටියේ නැත.


 ඔහු ඒ පිළිබඳ සෙවීමට ඉදිරිපත් විය. ඔහුට මෙම අභිරහස විසඳිය හැකිවේවි ද ?


බර්න්ඩ් සහ කළු ඩොල්ෆින්

 

දකුණු නවසීලන්තයේ කයිකූරා බොක්ක ආශ‍්‍රිතව ඇති මුහුදු තීරය කළු ඩොල්ෆින්ලා වැඩි වශයෙන් ගැවසෙන ප‍්‍රදේශයකි. 



බර්න්ඩ් වූශිස්  පරීක්ෂණ සඳහා අවුරුදු පතා මාස කීපයක් මෙම ප‍්‍රදේශයේ ගත කරයි.




 ඔහු සාගර ජීව විද්‍යාඥයෙක්. කළු ඩොල්ෆින් සෑම සරත් සෘතුවේම මෙම ප‍්‍රදේශයට පැමිණෙන්නේ තම ප‍්‍රජනන ක‍්‍රියාවලිය සඳහාය. ඔවුන් සය මසක් පමණ මෙහි ගත කරයි. 

 මේ අයුරින් දිග හැරෙන "ජිරාෆයෝ සහ කළු ඩොල්ෆින්"  ගැන තවත් 
තොරතුරු සඳුදා රාත්‍රී 07.00 ට 
මිහිකත ඔබේය නරඹන්න

No comments:

Post a Comment