Apr 2, 2018

ගෝරිල්ලෝ සහ කටුස්සෝ

ලීස් සහ ගෝරිල්ලෝ



නිරිත දිග උගණ්ඩාවේ අන්තර් ජාතික ගෝරිල්ලන් සංරක්ෂණ මධ්‍යස්ථානයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ‘‘ලීස්’’ය..



 කඳුකර ගෝරිල්ලන් වාසය කරන ප‍්‍රදේශ දෙකෙන් එකක් මේ වනජීවී රක්ෂිතයයි. වර්තමානය වන විට මිනිසාට සමාන මෙම වානරයන් වඳවීමේ තර්ජනයට ලක්වී ඇත. ලෝකයේ වෙසෙන කඳුකර ගෝරිල්ලන්ගෙන් අඩක්ම වෙසෙන්නෙ බුරුණ්ඩි දේශයේයි.


 ගෝරිල්ලා දේනුවක් පැටවුන් ලබන්නේ වසර 4කට වරයි. එය ඔවුන්ගේ පැවැත්ම ගැන සිතන විට එය ඉතාම ශෝචනීය කරුණකි.


ජෝන් සහ කටුස්සෝ

 



 ගිනිකොණ දිග මොරොක්කෝවේ ඇට්ලස් කඳු වැටිය පාමුල පිහිටි කාන්තාරයේ ජීවත් වන කටුස්සන් පිළිබඳව පරීක්ෂණ කරමින් එම කාන්තාරයේ වෙසෙන උරග ජීව විද්‍යාඥයෙක් ලෙස ජෝන් හැඳින්විය හැක.


 කුඩා කටුසු විශේෂ පිළිබඳ විශේෂඥ දැනුමක් ඔහු සතුවේ. පරීක්ෂණ සඳහා කටුස්සන් අල්ලා ගැනීම ඉතාම දුශ්කර කාර්යයකි. මන්දයත් කටුස්සන් වෙසෙන්නේ ගල් හා කටු පඳුරු බහුල ප‍්‍රදේශවලයි. මේ කටුස්සන් සතුව අනතුරු හඳුනාගැනීමේ ඉවක් ඇත. ඒවගේම ඔවුන්ට වේගයෙන් දිවීමේ හැකියාවක් ද පවතී.

ගෝරිල්ලන් සහ කටුස්සන් පිළිබඳ තවත් තොරතුරු මෙවර මිහිකත ඔබේය තුළින්...

No comments:

Post a Comment