Mar 22, 2018

හිපෝවෝ සහ ඇතුන්

හාන්ස් සහ හිපෝවෝ


 

හාන්ස් එළිසබෙත් රැජින ජාතික වනෝද්‍යානයේ පරීක්ෂණ සිදුකරයි.
එහි සිටින සතුන් අතරින් හාන්ස් විශේෂ අවධානයක් යොමුකර ඇත්තේ හිපෝ සතුන් වෙතයි. 



හාන්ස් හිපෝ සතුන් සම්බන්ධයෙන් ලෝකයේ සිටින ප‍්‍රධාන පෙළේ සත්ව විද්‍යාඥයෙක්. මෙම වනෝද්‍යානයේ හිපෝවන් 3000ක් පමණ ජීවත්වේ. හිපෝ දියගොඩ දෙකේම වෙසෙන සතෙකි.


 ඔවුන්ගේ ජීවිත කාලයෙන් හරි අඩක්ම ගෙවීයන්නේ දියේය. හිපෝ ජලචර සතෙක් වුවත් ඔවුන්ට පිහිනිය නොහැකිය.



මැරියන් සහ ඇතුන්

මැරියන් දැඩි අධිෂ්ඨානයකින් හා ඉවසීමෙන් කැප වී සිටින්නේ අලි ඇතුන් ආරක්ෂා කරගැනීම සඳහායි. 



ඇය වසර පහකට පෙර මෙම ප‍්‍රදේශයට පැමිණ ඇත්තේ අලි ඇතුන් අධ්‍යයනය සඳහායි. ඇය අලින්ව අමතන්නේ අමුතුම ආකාරයකටයි. 

අලින් ඉක්මන් මෙන්ම අනතුරුදායකයි. දකුණු අප‍්‍රිකානු වනාන්තර තුරුලතා වලින් ගහණයි.

අලි නිරීක්ෂණයට හොඳම ස්ථානය දිය කඩිති අසලයි. අලින්ට ජලය අත්‍යාවශයි. තමන් වෙසෙන ප‍්‍රදේශයට හා වටපිටාවට අනුකූලව කණ්ඩායම් තනා ගැනීම පිරිමි අලින්ගේ ස්භාවයයි.




No comments:

Post a Comment