Apis dorsata laboriosa |
හිමාලයේ ඉන්දියාවත් නේපාලයත් වෙන්වන සීමාවේ රජෙව් නම් ගෝත‍්‍රයක්
තවමත් මහ වනයේ මී පැණි කඩමින් වෙසෙන අතර ඔවුන්ගේ ජීවිකාව වනුයේ මහ ගස් දිගේ ඉහළට නගිමින් තම දිවි පරදුවට තබමින් මී පැණි එකතු කර විකිණීමයි . ඔවුන් මෙසේ එකතු කරන්නේ
Apis dorsata laboriosa යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන ලොව විශාලතම පර්යටන මී මැස්සන්ගේ පැණියි.
වසර 50කට කලින් මෙම ප‍්‍රදේශ පිරී තිබුනේ වන සතුන්ගෙනි, අලි ව්‍යාඝ‍්‍රයන් මෙන්ම රයිනෝසිරස් සතුන් ඒ අතර විය. මේ කාලයේ දී එම ප‍්‍රදේශය වගුරු බිමක් වූ අතර රූස්ස ඝන කැලෑවකින් වැසී පැවතිනි.
එසේම මැලේරියා රෝගය බොහෝ සෙයින් පැතිරී තිබිණි. මේ ප‍්‍රදේශයට පැමිණි පිටස්තර පුද්ගලයින් දිවි ගලවාගෙන පිටව ගියේ ඉතා කලාතුරකිනි.
එක්දාස් නවසිය ගණන් වල මැලේරියාව තුරන් කිරීමට මෙම නිම්නය පුරාම ඩි.ඩි.ටි ඉසින ලදි. එය කඳුකර වැසියන්ට මෙහි පදංචියට ඒමට උපකාරයක් විය. ඒත් වැඩිමහලූ රජෙව් වරුන් පවසන්නේ
ඊට වෙනස් කතාවකි. එනම් ඔවුන් කැලයට පැමිණෙන්ට පෙර ඔවුන්ව අනතුරු වලින් බේරා දෙන ලෙස දෙවියන්ට කන්නලව් කරන බවයි. එසේම දෙවියන් ද ඔවුන්ගේ ඉල්ලීමට සවන් දී ඔවුන්ව ආරක්ෂා කරන බවත් ය. දෙවියන් සිටින්නේ කුමන ස්ථාන වල ද එනම් කුමන ගස් වල හා ගල් වල ද යන්න ඔවුන් දන්නා බවයි. දැන් එම ගස් හා ගල් නැතිවෙන්න පටන් අරන් ඇත්තේ දෙවියන් ඔවුන්ගෙන් ඈත් වීමට පටන් අරන් යැයි ඔවුන් විශ්වාස කරති. මෙයට හේතුව ලෙස ඔවුන් පවසන්නේ මිනිස් ගහනයේ වැඩිවීමයි.
මෙසේ ගහනයේ වැඩිවීම නිසා බොහෝ රජෙව් ගෝත‍්‍රිකයන්ට තම එඬේර ජීවිතය අතහැර ගම්බිම් වල පදිංචි වීමට සිදුවිය. දැන් එම ගෝත‍්‍රයේ ඉතිරිව ඇත්තේ ටික දෙනෙකි. රජෙව් ගෝත‍්‍රිකයන් උනන්දු වන්නේ කාරණා 2ක් ගැන පමණි එනම් මී පැණි හා මාළු වන එනම් කැලෑව සහ ගංගාවයි.
මී මැස්සන් පළාත අත්හැර නැවත පැමිණෙනතුරු එනම් පර්යටන කාලයේ දී රජෙව් වරුන් මසුන් මරන්නන් බවට පත් වේ. මෙම රජෙව් ගෝත‍්‍රිකයන් බොහෝ කාලයක් මෙසේ වනාන්තර වල ජීවත් වන්නේ කාගෙවත් පිළිසරණක් නොමැතිවයි. රජෙව්ලා කල් තියා දැනුම් දීමක් නොමැතිව කඳුවුරු අත්හැර ගියේ ද අන්තිම මොහොතෙයි. ඒ රජෙව්ලාගේ පරිසරයට හුරුවීමේ යහපත වෙනුවෙන් කළ දෙයකි.
රජෙව්ලා ඒතරම්ම කුලෑටියි. එමෙන්ම අහින්සකයි.ඔවුන් හැමදෙයකටම සවන් දෙයි ස්පර්ෂ කරයි විමසයි. ඔවුන්ගේ හැම කාර්යක්ම සිදු කරන්නේ වෙනස් වන වනාන්තර වලට හුරු වෙමිනි.
මෙවර මිහිකත ඔබේය වාර්තා වැඩසටහනෙන්...
සඳුදා රාතී‍්‍ර 7.00ට මිහිකත ඔබේය නරඹන්න...