Sep 8, 2017

වෘකයානෙනි

මිහිකත ඔබේය . සඳුදා පස්වරු 7.00ට
මෙවර " වෘකයන් "
පැසිපික් දූපත් ආශ‍්‍රිතව ජීවත් වූ මිනිසුන් වනාන්තර වල ගල්තලා මත ඔවුන් වනාන්තරයේ දී දක්නට ලැබුන සතුන්ගේ සටහන් කොට ඇත. එම රූ සටහන් ප‍්‍රාග් එතිහාසික යුගයට අයත්වේ. නමුත් එම සටහන් වල වෘක රුව දක්නට ලැබෙන්නේ ඉතා අඩුවෙනි.හේතුව ඔවුන් වෘකයාගේ දර්ශනයට බිය වීම හා වෘකයන්ගේ සැබෑ ගතිලක්ෂණ හඳුනා නොගැනීමයි .එම රූ සටහන් වල ඇති වෘක රුව ඉතා ශක්තිමත් අංග ලක්ෂණ වලින් සමන්විත වේ. රතු ඉන්දියානුවන් අතර වෘකයන් ඉතා ඉහලින් අගය කෙරුන අතර ඔවුන් වෘකයන්ගේ දඩයම් ක‍්‍රම පවා අනුගමනය කරා පැසිපික් දූපත් වල ජීවත් වූවන් ගේ ගෝත‍්‍රික ලාංජනය බවට ද වෘකයා පත් වුනා. වෘක රුව ගෝත‍්‍ර ලාංජනයන්ට පත්වනවාත් සමගම තවත් විශේෂ ලක්ෂණ ද එක්වුනා. වෘකයා මිත්‍යා කථා රාශියකට මුල් වුනා. ගෝත‍්‍රිකයන් වෘකයාව වන්දනීය සතෙකු හැටියට සැලකුවා.එසේම ඔවුන් වෘකයා වෙත දැක්වූයේ බිය මුසු ගෞරවයකි.

වෘකයා පූර්ණ මාංශ භක්ෂකයෙක්ට කදිම උදාහරණයකි. ඉතා ශක්තිසම්පන්න හනු යුගලක් ඇති අතර ඉව ද ඉතා තියුණුයි.
වෘකයා යනු එඩිතරකමේ ආත්ම ශක්තියේ හා වීර්යයේ සංකේතය ලෙසයි දක්වා තිබෙන්නේ. ක‍්‍රිස්තියානි ආගම පැතිරයාමට පෙර ජර්මන් සොල්දාදුවන් වෘකයාගේ හදවත ආහාරයට ගැනීමට බෙහෙවින් ප‍්‍රිය කළා. එමගින් වෘකයෙකුගේ ශක්තිය හා ධෛර්ය තමන්ට ලැබෙන බවයි ඔවුන් විශ්වාස කළේ ඉපැරණි ශිෂ්ඨාචාරයට අයත් මිනිසුන් වෘකයාව සැලකුවේ විනාශයේ සංකේතය ලෙසයි.

තුර්කියේ සිට මොංගෝලියාව දක්වා පැතිරුණ තෘණ භූමියේ වෙසෙන එඬේර ජනයා තවමත් වෘකයාව සලකන්නේ විනාශයේ සංකේතයක් ලෙසයි. මොංගෝලියාව තෘණ භූමි රැසකින් යුත් රාජ්‍යයකි. එහි වැසියන්ගෙන් බහුතරයක් එ‍ඬේරුන් වේ. ඔවුන්ට වෘකයන් පිළිබඳ පුඵල් දැනුමක් තිබේ. මෙම එඬ්රුන්ට ඔවුන්ගේ ගව පට්ටි පසුපස ලූහුබඳින වෘකයන් පිළිබඳ ද ඇත්තේ මනා අවබෝධයකි.මොංගෝලියාවේ වෘකයන් 20,000-30,000 ක් අතර ප‍්‍රමාණයක් ජීවත් වේ. මොංගෝලියාවේ එෙඬ්රුන් පුරාණ චාරිත‍්‍ර අනුව වෘක දඩයම සිදුකරයි. වෘකයෙක් දඩයක්කාරයෙක් ඉදිරියට පැමිණියහොත් අභය දානය දීම ඔවුන්ගේ චාරිත‍්‍රයකි. මෙම දඩයක්කරුවන් දකින දකින සෑම වෘකයාටම වෙඩි තබන්නේ නැත. අශ්වයෙකු වුව ද මරා දැමිය හැකි විශාල සිරුරු සහිත වෘකයන්ට පමණක් ඔවුන් වෙඩි තබයි.

මධ්‍යතන යුගයේ යුරෝපීය ජාතිකයන් වෘකයා සුනඛයන්මෙන් නිවෙස්වල ඇති කිරීමට ප‍්‍රයත්න දැරුවා.එම වෘකයන් මිනිසාට මිත‍්‍රශීලීව හිටියා

මේ හැම දෙයක් ගැනම දැන ගන්න සඳුදා රාත්‍රී 7.00 රූපවාහිනි බලන්න

No comments:

Post a Comment