Sep 22, 2017

නරි නාටක

නරි නාටක

තඹ වන් ලොම් වලින් පිරුණ  බියකරු නගුට, ක‍්‍රමයෙන් පළල් වන  කන් පෙති, ලෝහිත පැහැය ගත් ඇස් හා සෙමෙන් සෙමෙන් දිව යන ගමන් විලාසයක් ඇති සත්ව වර්ගයකි නරියා හෙවත් හිවලා. පුරාතනයේ සිට නරියා මිත්‍යා ප‍්‍රබන්ධ අතරට එක්විය. සත්ව විශේෂයක් ලෙස මිනිසාට ලන්වන තුරු නරියා තමා පිළිබඳ තිබූ මිත්‍යා ප‍්‍රබන්ධ පුරාවෘත්තයන් හා විශ්වාස පිළිබඳ නරියා මහත්සේ  ආඩම්බර වන්නට ඇති. නරියා මිනිසාට වඩාත් සමීප වූයේ නරියා තුල තිබූ කපටිකම් නිසාය.මිනිසුන් රැවටීමට ඇති දක්ෂතාවයන් නරියාට කෙසේ ඇති  වූයේ දැයි ලෝ වැසියන් ඉතා කැමැත්තක් දක්වාවි.                 

    නරියා නිර්භීතයි කපටියි අවස්ථාවාදී එමෙන්ම මුරණ්ඩුගති වලින් යුත් නරියා සුනඛ පරපුරට අයත් සතෙකි. සත්ව ගොවිපලවල් වලට රාත‍්‍රී කාලයේ ඇතුල්වන නරියා නිහඬයි ඒත් එඩිතරයි ඈත අතීතයේ සිටම නරියාට පටබැඳුන කුකුල් හොරා යන නාමය යළිත් සිහිගන්වමින් ඉදිරියට ගමන් කරන්නේ කුකුළ් සොරකමේ යෙදෙමින්ය. මෙම සත්ව ගොවිපලවල් වල ආරක්ෂාවට යොදන්නේ සුනඛයන් ය.නරියන් හා සුනඛයින් එකම පවුලක වුවත් මේ ඥාති සහෝදරයන් හැමදාම තරහින් ඒ වගේම ඔවුන් තද වෛරයක්කාරයින් ද වියහැකිය. මිනිසා දඩයමෙන් ඈත්ව එළුවන් ගෙවල් වල ඇතිකිරීමට පටන් ගත් නිසා එළු දඩයමෙන් ඈත් වීමට සිදු වූ හිවලාට තම ඥාති සහෝදරයින්ගෙන් ඈත් වී හිවලාට දුෂ්කර ජීවිතයකට හුරුවීමට සිදු වුනා. මේ නිසා හිවලාට එළු
දඩයක්කාරයා යන නාමය ද නැතිව ගියා.

   
                 පරිසරයට ගැලපෙන අයුරින් තම සිතුම් පැතුම් වෙනස් කිරීමේ හැකියාවක් හිවලාට ඇත. හිවලාට ලැබෙන පිළිගැනීම හා හැසිරීම් අනුව තම හැසිරීම් රටාව ද වෙනස් කර ගනී.නමුත් නරියා කවදාවත් හීලෑ කළ නොහැකිය යයි අතීතයේ සිට පැවත එන මතයකි. නරියන්ට තමාටම ආවේනික වූ හැසිරීම් රටාවක් පවතී. සමහර මිනිසුන් මෙන්ම හිවලා ද
දින චර්යාව ඒ අයුරින්ම පවත්වා ගෙන යාමට කැමැත්තක් දක්වයි. 

   

නරියා ආවේනික පැහැයකින් වෙන් කළ නොහැකියි. ඒ පැහැය සෑම නරක දෙයකම සංකේතයක් විය. අපායේ ගින්නට මහා සාතන් වන්නේත් නරියායි. ලෝහිත වර්ණයෙන් පෙන්වා දෙන්නේ බොරුව, පාවා දීම හා වක්‍රෝතියයි. ප‍්‍රංශයේ චිත‍්‍රයට නගන සෑම චිත‍්‍රයකම මෙම පැහැය තදින් යොදා ගනී. හිවලාගේ නරක ක‍්‍රියා හා නිර්භීත ක‍්‍රියා සහිත
ලේඛන 30ක් එක්රැස් කර "ද හෝ්ම් ඔෆ් ද හනා" නම් පොත ප‍්‍රකාශයට පත් වුනා. හිවලා හනා යන නාමයෙන් ප‍්‍රංශ බසින් හඳුන්වන්නේ ප‍්‍රයෝගකාරයෙක් මෙන්ම චාටු කතා කාරයෙක් යන අදහසිනුයි.

    සංස්කෘත බසින්
"ශුක‍්‍රාස්" යනනෙන් අදහස් වන්නේ වලිගය යන්නයි. එම වචනය ජර්මන් බසින් "ශුක්ස්" ලෙස භාවිත වන අතර ඉංග‍්‍රීසි බසට එක්වී ඇත්තේ "ෆොක්ස්" යනුවෙනි. මෙම නාම සියල්ලම ජනතාව අතර ප‍්‍රචලිත වූයේ නරියාගේ කපටි ක‍්‍රියාවන් නිසාය.වාචාල ක‍්‍රෑර ගති වලින් පිරුණ බව හනා හෙවත් හිවලා යන නමින් අදහස් වුනත් එම ගති සම්පූර්ණයෙන්ම හිවලා තුල නොතිබෙන්නට පුළුවන්.

   

හිවලා බොහෝවිට ජීවත් වන්නේ වනාන්තර වල ඇති පඳුරක් යට ඇති බෙනයක් තුලයි. මේ හැරුණුකොට මායිම් වල පඳුරු අසල
හෙවනැලි යට, කුඹුරු අයින් වල, කුඹුරු හා කැලෑ සම්බන්ධවන මිනිසුන් නොගැවසෙන ස්ථාන වල, නිශ්ෂබ්දතාවය පවතින ස්ථාන වල හා තමන්ට ආරක්ෂාව සලසාගත හැකි ස්ථාන වලත් ජීවත්වේ.                     

   
වෙනත් නරියෙකු තමන්ගේ බල ප‍්‍රදේශයට ඇතුල් වීම වැලැක්වීමට සීමා ලකුණු කිරීමට නරියා නිතර උනන්දුවේ. නරියා දඩයම සඳහා පිටත් වූ බව අනෙක් සතුන්ට දැනුම් දෙන්නේ කපුටු පරපුරට අයත් කිරලා නම් පක්ෂියායි. නරියා ලේනුන්ට හිරිහැරයක් නොකරයි. ලේනා අහාර පිණිස සොයාගත් ගෙඩි වර්ග කටින් ගෙන ගසින් ගසට පැන යද්දී බිමට වැටෙන ගෙඩි නරියන් රැගෙන යන්නේ උඩින් ලද ත්‍යාගයන් ලෙස සලකායි. නරියා තම ආහාර තෝරා බේරා බුදින්නෙක් නෙවෙයි
තමාට ඇතිවන කුසගින්න නිවා ගැනීමට ලැබෙන  ඕනෑම ආහාරයක් තම ආහාරය ලෙස ලබා ගැනීම නරියාගේ පුරුද්දකි. කුඩා සතුන්, බිම් පණුවන්, ගෙබි වර්ග පමණක් නොව මල සතුන්ගේ මස් පවා තම ආහාරය ලෙස ලබා ගනී. මේ නිසි නරියා කැලය පිරිසිඳු කරන්නෙක් බවට පත් වේ. තම දින චර්යාවේ දී තමන් සිටි ස්ථාන සලකුණු කිරීමට නරියන් අමතක නොකරයි. නරියා තම ශරීරයෙන් පිටකරන අපද්‍රව්‍ය මගින් ලිංග භේදයත් වයස මෙන්ම වෙනත් තොරතුරුත් අනිත් නරින්ට දැන ගැනීමට සලස්වයි.  



    මීටර් 30ක් දුරින් පිහිටි කුඹුරක ඇවිදින මීයෙකුගේ ශබ්දය ඇසීමට තරම් නරියෙකුගේ ශ‍්‍රවණ ශක්තිය දියුණුයි. හිරු අවරට යද්දී නරියාගේ පෙනීම දුර්වල වුවත් රාත‍්‍රී කාලයේ ඉතා හොඳ පෙනීමකින් යුතු වේ.සෑම නරියෙකුටම තමන්ට හිමි බල ප‍්‍රදේශයක් ඇත. තම බල ප‍්‍රදේශවලදී හමුවන තම වර්ගයා සෑම විටම විමසිලිමත්ව පිළිගනී.තැන් තැන් වල තබා ඇති මග සලකුණු වලින් ඔවුනොවුන් හඳුනාගනී. ඉන් පසු තම සුහදත්වය ප‍්‍රකාශ කරයි. එම චාරිත‍්‍ර වලින් පසු තම තමන්ගේ ක‍්‍රියාකාරකම් ආරම්භ කරයි. නමුත් ඔවුන් දඩයම් කරන්නේ තනි තනිවමයි. 

නරියා හෙවත් හිවලා පිළිබඳ තවත් තොරතුරු "නරි නාටක"  සඳුදා රාත්‍රී 7.00 ට මෙවර මිහිකත ඔබේය වාර්තා වැඩසටහනින්......
                                                                      

                                     

No comments:

Post a Comment