Sep 14, 2017

වඳුරු මිතුරු




වදුරන් බුද්ධිමත් බව සමහරුන්ගේ මතයයි. වඳුරන්ට කතා කරන්න පුළුවන් වුවත් ඔවුන් කතා නොකරන්නේ  ජීවත් වීම සඳහා වැඩපල කිරීමට සිදුවන නිසා යන්න ඇතැම් මිනිසුන්ගේ මතයකි. තවත් මතයක් අනුව වඳුරන් හතරගාතයෙන් ඇවිදින්නේ ඔවුන්ට ලැබුන දඬුවමක් නිසාවෙනි. ජීවත්වීම සඳහා කිසිවක් නොකර අලස කමින් අනුන්ගේ දේවල් කොල්ලකමින් ජීවත් වන නිසා මෙම දඬුවම ලැබී ඇති බවයි.

අප‍්‍රිකානු මහද්වීපයේ අයිවරිකොස්ට් හා ඝානාව යන දෙරට අතර ඇති දේශසීමාවේ ඇති සෝකෝ නම් ගමේ
ගම් වැසියන් වඳුරන් මියගිය විට ඔවුන්ගේ සිරුරු රෙදි වල ඔතා භූමදානය කිරීම සිදු කරයි.
වඳුරාගේ මරණට වග කිවයුත්තේ මිනිසෙකු නම් ඊට වන්දියක් ලෙස බිලි පූජාවක් කළ යුතුයි. ඒ බිලි පූජාවට යොදාගන්නේ කුකුළෙකි. කුකුළා මරුවිකල්ලෙන් කීප වරක් දැඟලුවොත් වරදකරුට සමාව ලැබේ. මෙම අවමගුල් උත්සවය අංගසම්පූර්ණ වන්නේ මහපොළවටත් වරදකරුටත් මත්පැන් ස්වල්පය බැගින් ප‍්‍රදානය කිරීමෙන් පසුවයි. සෑම උදෑසනකම වටපිටාවේ සිටින වඳුරන් ගමට පැමිණෙන අතර ජනයා ආදරයෙන් ඔවුන්ට සලකන බව වඳුරන් දනී.

බිලී පූජාවට සැරසෙමින්

තමන්ගේ නිවාස අසලට වඳුරන් පැමිණෙනවාට අප‍්‍රිකානුවන් දක්වන්නේ අකමැත්තකි. එයට හේතුව වන්නේ
වඳුරන් බිත්තර සොරකම්කිරීම සහ කුකුළන් බිය වැද්දීමයි. කෙසේ වුවත් මෙම ගම් වැසියන් ඔවුන්ට සලකන්නේ
තමන්ගේ මිතුරන්ට හෝ සහෝදරයින්ට සලකන අකාරයටයි. ගම්වැසියන්ගේ විශ්වාසය අනුව ඒ වඳුරන් නොව පසුගිය සියවස අවසානයේ ජීවත් වූ මුතුන් මිත්තන්ගෙන් පැවත එන පෙර ආත්මයන් ය.

වදුරන් හා මිත්‍රශ්‍රීලී අප්‍රීකානුවන්


එහි අතීත කතාවක් මෙසේය, ව‍රෙක සෝකෝ ගම්මානයට සතුරු තර්ජනයක් එල්ලවිය. ගම්වැසියන්  බේරාගැනීම සඳහා ගමේ මන්ත‍්‍රාචාර්යවරයා ගම්මුන් සියළුදෙනාම වඳුරන් බවට පත්කරන ලදි. නමුත් අවාසනාවකට ඔවුන් මිනිසුන් බවට හැරවීමට පෙර මන්ත‍්‍රාචාරවරයා මියගොස් ඇත.මේ නිසා වඳුරන් වූ මුතුන්මිත්තන් ලෙස සළකන ඔවුන් වඳුරන්ට සලකන්නේ ඉතාම කරුණාවෙනි.

වඳුරන් මුලින්ම සෝකෝ ගමට එන්න පුරුදු වුනේ ඇතුන් දඩයමේ එන මිනිසුන්ගෙන් ලැබුන කෑම බීම නිසයි. සැවානා තෘණ වනාන්තරයේ වඳුරන් ඉතාම බහුලයි. දඩයම් කිරීම පහසු නිසා වඳුරන් මිනිසුන්ටත් මාංශ භක්ශක සතුන්ටත් නිතරම ගොදුරු වේ. වානර වර්ග 200 ක් පමණ දැනට ලොවපුරා සිටින බව සොයාගෙන ඇත. ඒ අතරින් සතුරන්ට මුහුණ දීමට ශක්තිය ඇත්තේ වඳුරු වර්ග කිහිපයකට පමණි. ග‍්‍රීවට් නම් කොළ පැහැති වඳුරාගේ සම පදම් කිරීමෙන් පසුවත් ඉතාම තදයි. එමනිසා කැලේ දඩයමේ යනවිට ආරක්ෂාව සදහා ඉනවටා බැඳීම සඳහා මේ සම් යොදාගනී.

කොලෝබස් නම් වඳුරාගේ සම අලංකාර දිගු ලෝම  වලින් යුක්තයි.
විලාසිතා ඇඳුමක් ලෙසයි මෙය පිළිගැනුනෙ. කොලෝබස් වඳුරු සම්වලින් නිර්මාණය කරන ලද ඇඳුම් ලන්ඩනයේ හා
කොලෝබස් වඳුරන්
පැරීසියේ කාන්තාවන් අතර ජනප‍්‍රිය වූ නිසා පසුගිය සියවසේ වඳුරන් දහස් ගණනින් මරා දමන ලදි.
වඳුරු සමෙන් කරන ලද ඇඳුම් යල්පැන ගිය මෝස්තරයක් වූ පසු කොලෝබස් වඳුරන්ට තම නිජබිම් වල නිදහසේ ජීවත් වීමට වාසනාව හිමි වී ඇත. 






කොලෝබස් වදුරන්ගෙන් සැදූන විලාසිතාවන්



දර්ශනීය, උඩගු, සාමකාමී කොලෝබස් වඳුරන් හා සසඳන විට හාත්පසින්ම වෙනස් වානර වර්ගයකි බැබුන්.
බැබුන් අශිෂ්ට හා විනාශකාරීන් වේ. බැබුන්ලා රන්චු වශයෙන් වාසය කරන්නේ ගස් උඩ නොවේ බිමයි. මිනිසුන් මොවුන්ගේ ක‍්‍රියාකාරකම් ගැන සෝදිසියෙන් සිටියත් මොවුන් දැකීමෙන් සතුටට පත් වේ.ගම්වැසියන්ගේ වගාවන් විනාශ කිරීමයි බැබුන්ලාගෙන් සිදුවන බලවත්ම හානිය.බැබුන්ලා අපූර්ව සත්ව කොට්ඨාසයක්  වරෙක ඔවුන් දරුණු සටන්කාමීන්, වරෙක ඔවුන් ඉතා අහින්සක සතුන් විශේෂයක්. බැබුන්ලා ගැන වශීවුන ඊජිප්තුවරු ඔවුන් සුරතලුන් ලෙස ඇති කරන ලදි. එමෙන්ම රාත‍්‍රී භෝජන සංග‍්‍රහ වල දී පන්දම් අල්ලාගෙන සිටීමට යෙදවූයේ ද බැබුන්ලා ය. බැබුන්ලා පිළිබ රහසින් නිරීක්ෂණය කළ ඊජිප්තුවරුන් දුටුවේ බැබුන් වඳුරන් ඉර උදාවට මදකට පෙර නැගිට කලබලයෙන් කතාබස් කරන බවත් එම කතාබස් ඇසී පිබිදෙන හිරු අහසේ ඉහළ නගින බවත් හිමිදිරියෙත් ගොම්මන් වෙලාවෙත් හිරුට නමස්කාර කිරීම බැබුන් වඳුරන්ගේ කාර්යක් බවත් ඊජිප්තුවරුන් විශ්වාස කළා.
ඔවුන් හිමිදිරි උදෑසන ඔවුන් හිරුට නමස්කාර කරන ආකාරයෙන් ඊජිප්තුවේ පිළිම නෙලා ඇත. බැබුන්ලා චිත‍්‍රයට නැගීම ද ඇතැම් විට දක්නට ලැබුනා.

බැබුන් වඳුරෙකු මළ විට මළකඳට බෙහෙත් ගැල්වීමට පෙර සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ඉවත් කොට භාජන වල බහා තැබීමේ සිරිතක් ඊජිප්තුවේ පැවතිනි. එක් එක් භාජනයේ ඇත්තේ කුමන ඉන්ද්‍රිය දැයි භාජනයේ මූඩියේ හැඩයෙන් දැනගත හැක. භාජනය මිනිස් හිසක හැඩය නම් අක්මාවයි. බලූ හිසක හැඩය නම් ආමාශයයි. රාජාලියෙකුගේ හැඩය නම් අතුලූබහන්, සහ බැබුන් හිසක හැඩය නම් පෙනහඵ ද භාජන වල බහා තිබුනා.


ඊජිප්තු චින්තනයට අනුව බැබුන් යනු චින්තනයට, ලේඛනයට, ප‍්‍රඥාවට, අධිපති දෙවියන්ගේ අවතාරයකි.
හර්මෝපොලිස් නම් නගරය හැඳින් වුනේ බැබුන් නගරය ලෙසයි. ඊජිප්තු කැණීම් වල දී සොහොන්කොත් වල තිබී බැබුන් වඳුරන්ගේ මමී දහස් ගණනක් හමුවී තිබේ. මළ බැබුන්ලට බෙහෙත් ගල්වනු ලැබුවේ ද ඔහු දැරූ සමාජ තත්වය අනුවයි. සොහොන්කොත් තුල තැන්පත් කරන ලද්දේ ද වාඩි වී සිටින ඉරියව්වෙනි.

බැබුන් මළකඳකට බෙහෙත් ගැල්වීමට ලොකු කාලයක්
ගතවේ. ඇතුලත ඉන්ද්‍රියන් ඉවත් කර ගැල්වූයේ ෆාම් තෙල් සහ දිය කරන ලද කුළු බඩු වර්ගයි.ඉන් පසු මළකඳ මීටර් 13ක් පමණ රෙදි වලින් එතීමෙන් පසුව සොහොන්කොතේ තැන්පත් කරන ලදි.බැබුන් වඳුරන් තුල පැවති බුද්ධිමත් බව මධ්‍යස්ත බව වැනි ගුණාංග පමණක් ඊජිප්තුවරුන් අනුගමනය කළා.                      
ජීන්වරෝ නම් ස්ථානයේ ඇති වානර රූප හඳුන්වන්නේ බුද්ධිමත් වානරයන් තිදෙනා ලෙසයි. ඔවුන් සලකනු ලබන්නේ අමරණීයත්වයෙනි.

තායිලන්තයේ ලෝටස් නම් ස්ථානයේ වඳුරන් එතරම් නිදහසේ හැසිරෙන්නේ සාම්ප‍්‍රදායික විශ්වාසය අනුව වඳුරන්ට දක්වන
අධික සැලකිල්ල නිසයි.මිනිසා වඳුරන් පූජනීයත්වයෙන් සැලකුවත් වඳුරන්ට කිසිම දෙයක් වැදගත් නොවේ.
වඳුරන් ගෙවල් වලට පැමිණීම ඇන්ටෙනා කණුවලට නැග ඒවා කඩා දැමීම වැළැක්වීම ඉතාම අසීරුයි.

මේ අයුරින් දිග හැරෙන වඳුරු මිතුරු වර්තා වැඩසටහනේ තවත් තොරතුරු දැනගැනීමට සඳුදා රාතී‍්‍ර 7.00ට
මෙවර මිහිකත ඔබේය නරඹන්න......                      


No comments:

Post a Comment