උකුස්සා
චීිනයත් රුසියවත් අතර දේශ සීමාවට ආසන්න ප‍්‍රදේශයේ ජීවත් වන ඇතැම් මිනිසුන්ට උකුස්සන් පුහුණුකර යම් යම් දඩයම් ආදිය සිදුකර ගැනීමට හැකියාව ඇත. මොවුන්ට මෙම හැකියාව ලැබී ඇත්තේ ඔවුන්ගේ පරම්පරාවෙනි. ඔවුන්ගේ පරම්පරා වල අය ජීවත් වූයේ මෙම උකුස්සන් ලවා දඩයම් කර ගැනීමෙනි.මේ අයුරින් දඩයම් කරන සතුන්ගේ සම ඔවුන් ලබා ගන්නා අතර දඩයම් කළ සත්වයාගේ මාංශ උකුස්සාගේ ආහාර පිණිස ලබා දෙයි.
ඔවුන් පවසන ආකාරයට උකුස්සෙකු අල්ලා ගැනීම ඉතා ප‍්‍රවේසම් සහගතව සිදු කළ යුතු ක‍්‍රියාවකි මන්දයත් උකුස්සා බොහොම බලවත්, ඉතා භයානක මෙන්ම ශක්තිවන්ත පක්ෂියෙකි.
උකුස්සෙකු අල්ලා ගැනීමේදී පරීක්ෂාකාරී නොවුනහොත් ඌ කෝපයට පත්වීමට ඉඩ ඇත.
එපමණක් නොව පාලනය කිරීමට ද නොහැකි වේ. එම නිසා උකුස්සා අල්ලා ගැනීම ප‍්‍රවේශමෙන් සිදු කළ යුතුය. විශේෂයෙන්ම උගේ බෙල්ල ප‍්‍රදේශය පිළිබද සැලකිලිමත් විය යුතුය. එනම් සුර අත් වැරදීමකින් පවා උකුස්සා මිය යා හැක.
හිරු බසින විට දෙනෙත් අන්ධ කර නොගෙන ඒ දෙස බලා සිටිය හැකි එකම කුරුල්ලාද උකුස්සා බව ද ඔවුන් පවසයි.
පිනි මුවා
මොංගෝලියාවේ ඈත උතුරේ කඳුකර ප‍්‍රදේශයේ වෙසෙන ජනතාව පිනි මුවන් රංචු ඇතිකරයි. පිනි මුවන් ජීවත් වන්නේ ඉතා ශීත දේශගුණ තත්වයක් යටතේ යි. පිනි මුවන්ගේ ප‍්‍රියතම ආහාරය වන්නේ ලා තණකොළ හා බිම් හතු වර්ගයි.
මේ කඳුකරයේ ජීවත් වන පිනි මුවන්ට ලූණු ද අවශ්‍ය වේ. මෙම ප‍්‍රදේශ වල ජීවත් වන සෑම ගොවි පවුලකටම ඔවුන්ටම විශේෂ වූ මුවෙක් සිටී. ඔවුන් එම මුවා රැජින ලෙස හඳුන්වයි. මේ පූජනීය සත්වයා
අනෙකුත් අයගේ ඊර්ෂියාවෙන්, ඔවුන්ට සිදුවන ආපදා වලින් ඔවුන්ව බේරා ගන්නා බවට එම ගොවි පවුල් වල අය විශ්වාස කරයි. මෙම ගොවි පවුල් ඔවුන්ට අවශ්‍ය පිටි, ලූණු, දුම් කොළ ලබා ගන්නේ පිනි මුවන්ගේ අගවල් වලට හුවමාරු කරගැනීමෙනි
"උකුස්සා සහ පිනි මුවා" ගැන තවත් තොරතුරු දැනගැනීමට
සඳුදා රාතී‍්‍ර 7.00ට
මෙවර මිහිකත ඔබේය නරඹන්න......
වසර මිලියන දෙසිය ගණනකට පෙර කිඹුලා ලොව බිහිවන්නට ඇතැයි විශ්වාස කෙරේ. කිඹුලා සහ මිනිසා අතර සාමය, සහජීවනය ඇත්තේ බොහෝම අඩුවෙනි.කියුබාවේ මෙන්ම අනෙක් රට වලත් කිඹුල් සම් වෙළඳාම දියුණු වූයේ එක්දාස් නවසිය පනස් ගණන් වලය. මේ නිසා කිඹුලා වඳවීමේ තර්ජනයට ලක්විය. එකල වසරකට කිඹුල් සම් මිලියන 5ත් 10ත් අතර අලෙවි විය. බොහෝ දේවල් සෑදීමට යොදාගත්තේ කිඹුලාගේ උදර ප්‍රදේශයේ සමයි.
සුමුදු හා නම්‍යශීලී කිඹුල් සම් බොහෝ කල් තබාගත හැක. කිඹුල් සමේ ස්භාවය අනුව අත්කම් භාණ්ඩ සෑදීමට යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීම අපහසු වන අතර ශිල්පීන්ගේ දක්ෂතාව ප්‍රධාන වේ. නිර්මාණ කරුවන්ගේ දක්ෂතා නිසා මුලින් කරදරයක් වූ කිඹුලා පසුව සුඛෝපබෝගී ආයිත්තම් නිර්මාණයට නැතිවම බැරි විය. සමහර කිඹුල් වර්ග වඳ වී යාමට මෙය ප්‍රධාන හේතුවක් විය.
එකල වඳ වී යාමේ තර්ජනට මුහුණපා සිටින සතුන් සංරක්ෂණය කිරීමේ අන්තර් ජාතික සම්මේලනය යටතේ කිඹුලා ද වර්ග කර ඇත. එමගින් සම් සඳහා කිඹුලන් දඩයම් කිරීම හා සම් වෙළඳාම සඳහා දැඩි නීති රීති පනවා කිඹුල් දඩයම සීමා කරන ලදි.
එමෙන්ම කිඹුල් සංරක්ෂණ ව්‍යාපෘතියක් දැන් ලොව පුරාම ක්‍රියාත්මක වෙමින් පවතී. ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක කරන ක්‍රමය නම් කිඹුලා තම ස්භාවික වට පිටාවේම සංරක්ෂණය කිරීමයි. තමා වාසය කරන පරිසරයේ සමබරතාව රැකීමට කිඹුලාගෙන් විශේෂ සේවයක් ඉටු වේ.
ලෝක ව්‍යාප්ත කිඹුල් සංරක්ෂණ ව්‍යපෘතිය නිසා වර්තමානය වන විට කිඹුලා වඳවී යාමට මුහුණපා සිටින සත්වයෙක් නොවේ. සමහරුනට මිනිස් ආත්මයේ සංකේතය වී ඇති කිඹුලා විටෙක විශ්වාසවන්ත මිත්‍රයෙකි, තවත් විටෙක මාර්ගෝදේශකයෙකි, ආරක්ෂකයෙකි.
ඉන්දු පැසිපික් සාගර ආශ්‍රිත කිඹුලා නිල් මෝරාටත් වඩා භයානක මාංශ භක්ශකයෙකි. ඒ ඔවුන්ට කරදිය හා මිරිදිය දෙකෙහිම ජීවත් විය හැකි නිසාය.
සඳුදා රාත්‍රී 07.00 ට
මිහිකත ඔබ්‍ෙය වාර්තා වැඩසටහන තුළින්
කිඹුලාගේ කතන්දරය නරඹන්න...
ලොව පුරා විසිරී සිටින විවිධ වර්ග වලට අයත් සර්පයින් පුදුම සහගත උරග කොට්ඨාශයක් ලෙස සැලකේ. අතීතයේ සිට මිනිසා සර්පයින්ට වැඳුම් පිදුම් කළේය. ඔවුන්ට ආදරය කළා සේම වෛර ද කළේය. ඔවුන් දෙස බැලූවේද බියෙන් හා අවිශ්වාසෙනි. සර්පයා විටෙක දෙවියෙක් විය.
තවත් විටෙක යක්ෂයෙක් විය.
විෂගෝර සර්පයින් ලෝකයේ සෑම ප‍්‍රදේශයකම ජීවත් වේ. ඔවුන් නැත්තේ උත්තර හා දක්ෂිණ ධ‍්‍රැව ආසන්න ප‍්‍රදේශ වල පමණි. ඉතාම විසකුරු සර්පයින් බොහෝවිට දක්නට ලැබුනේ නිවර්තන හා අන්තර් නිවර්තන ප‍්‍රදේශ වලයි. සෑම වසරකම මිනිසුන් මිලියන 5ක් පමණ
සර්ප විෂට ගොදුරුවේ. එසේ විෂ ශරීර ගතවූවන්ගෙන් 120,000ක් පමණ ජීවිතක්‍ෂයට පත්වේ. මෙය වඩාත්ම බලපාන්නේ ලතින් ඇමරිකාව අප‍්‍රිකාව ඕස්ටේ‍්‍රලියාව හා ආසියාතික රටවලටයි. ලෝකයේ සර්ප වන්දනාව හා සම්බන්ධ සිරිත්විරිත් රාශියකි. මෙතරම් ඇදහිලි හා විශ්වාස ප‍්‍රමාණයක් මිනිසා තුළ ඇති වූයේ කෙසේද යන්න ප‍්‍රශ්නයකි.
මිනිසා සර්පයා කෙරේ දක්වන ප‍්‍රතිචාර විවිධාකාරය. සර්පයා යනු බිය හා විශ්මය දනවනසුළු සත්ව කොට්ඨාශයකි. දියුණු බටහිර රටවල සර්පයින් නිසා ඇතිවන අනතුරු අඩුය.
එවැනි රටවල සර්පයා යනු අවාසනාව හා විනාශය ගෙන එන සතෙක් පමණි. එහෙත් සර්පයින් නිසා අනතුරු සිදුවන රටවල මිනිසුන්ම ඔවුන්ට වැඳුම් පිදුම් කරති. ඔවුන්ට දෙවියන් හා සමානව සලකති.
සඳුදා රාත්‍රී 07.00 ට
මිහිකත ඔබ්‍ෙය වාර්තා වැඩසටහන තුළින්
සර්පයින්ගේ කතන්දරය නරඹන්න