Nov 16, 2017

වඳුරන්ගේ කතන්දරය




වර්තමානයේ වඳුරන්ට සිදුව ඇත්තේ සන්දර්ශන සඳහා පෙනී සිටීමටයි.

 කාලය සහ ස්ථානය කුමක් වුවත් සන්දර්ශන වලදී බොහෝවිට වඳුරන්ගේ දස්කම් සීමා වන්නේ එකම කාර්යකටයි එනම් මිනිසුන්ව අනුකරණය කිරීමටයි. 

    යුරෝපීය මහද්වීපයේ වඳුරන් නොමැති නිසා යුරෝපයට මුලින්ම ආනයන කලේ වඳුරන්ය. උතුරු අප්‍රිකානු ප්‍රදේශවල ජීවත් වන කුඩා වඳුරු වර්ග සෞම්‍ය රටවල ද යහතින් ජීවත් වන බව පැහැදිලි වුනා. වඳුරන් සුරතලුන් ලෙස ඇති දැඩි වීම මෝස්තරයක් වනවාත් සමගම දකුණු ඇමරිකානු රට වලින් අල්ලා ගත් කුඩා ඉතා මිත්‍රශීලී වඳුරු වරගයක් ස්පාඤ්ඤ කාන්තාවන්ගේ සුරතලුන් බවට පත් විය. සයිමීරි නම් මේ වඳුරු වර්ගය ඉතා ජනප්‍රිය විය. 

සයිමීරි වඳුරා

     ආසියානු හා අප්‍රිකානු වඳුරාගෙන් වෙන්කර හඳුනාගැනීම සඳහා ඇමරිකානු වඳුරන් නව ලෝකයේ වඳුරන් ලෙස හැඳින්විනි.මකුළු වඳුරා හෙවත් සුදුමැලි පැහැති සාකි වඳුරා ඉතා දර්ශනීයයි. නමුත් සෙසු වඳුරන්ට වඩා බුද්ධියෙන් අඩුය.
සාකි වඳුරා


තැමරින් වඳුරන්ගේ බෙල්ලේ ලොම් කැටිය මනස්කාන්තයි. දඩයම් කිරීමත් වන විනාශයත් නිසා මේ සතුන් වර්තමානයේ දකින්නට
නොලැබේ. 



තැමරින් වඳුරා

කැපුචින් වඳුරා මුලින්ම දක්නට ලැබුන ගවේශකයන් පැවසුවේ මෙම වඳුරා දුරදක්නයක වැරදි කෙලවරකින් බැලූවිට මහලු මිනිසෙකුට සමාන හැඩරුවකින් යුක්ත බවයි. මෙම වඳුරන් ජීවත් වන්නේ විශාල රංචු වශයෙනි.
කැපුචින් වඳුරා

මෙම කැපුචින් වඳුරන් සෙසු ඇමරකන් වඳුරන්ට වඩා වෙනස් ය. ස්භාවයෙන්ම මෙම වඳුරන් ඉතා සෝදිසියෙන් සිටී 

මෙම කැපුචින් වඳුරන් සෙසු ඇමරකන් වඳුරන්ට වඩා වෙනස් ය. ස්භාවයෙන්ම මෙම වඳුරන් ඉතා සෝදිසියෙන් සිටී.අවධානයත් නිරීක්ෂණයත් අතරින් කැපුචින් වඳුරන් ඉතාම ඉහලයි. 1970 වර්ෂයේ දී මේරි විලාඩ් නමි වෛද්‍යවරියගේ අදහසකට අනුව පක්ෂගාත රෝගින්ගේ සහයට මෙම කැපුචින් වඳුරන් යොදවන ලදි. කිලෝ 3ක් තරම් බර ඇති මේ වඳුරන් ප්‍රමාණයෙන් කුඩා වුවත් ලොකු වඳුරන් මෙන් අත් පා හැසිරවීමට දක්ෂයි. ආබාධිත කෙනෙකුට හිරිහැරයකින් තොරව තම උකුලේ තබා ගත හැක. වර්ෂයක දැඩි පුහුණුවකින් පසු දොරවල් ඇරීමට සහ වැසීමටත් රූපවාහිනිය ක්‍රියා කරවීමටත් යම් යම් දේ ගෙනවිත් දීමටත් හැකියාව ලැබේ. 


මේ අයුරින් දිග හැරෙන "වඳුරන්ගේ කතන්දරය"  ගැන තවත් තොරතුරු දැනගැනීමට සඳුදා රාතී‍්‍ර 7.00ට
මෙවර මිහිකත ඔබේය නරඹන්න......                      




No comments:

Post a Comment