Nov 7, 2017

කිඹුලාගේ කතන්දරය


   

වසර මිලියන දෙසිය ගණනකට පෙර කිඹුලා ලොව බිහිවන්නට ඇතැයි විශ්වාස කෙරේ. කිඹුලා සහ මිනිසා අතර සාමය, සහජීවනය ඇත්තේ බොහෝම අඩුවෙනි.කියුබාවේ මෙන්ම අනෙක් රට වලත් කිඹුල් සම් වෙළඳාම දියුණු වූයේ එක්දාස් නවසිය පනස් ගණන් වලය. මේ නිසා කිඹුලා වඳවීමේ තර්ජනයට ලක්විය. එකල වසරකට කිඹුල් සම් මිලියන 5ත් 10ත් අතර අලෙවි විය. බොහෝ දේවල් සෑදීමට යොදාගත්තේ කිඹුලාගේ උදර ප්‍රදේශයේ සමයි. 




සුමුදු හා නම්‍යශීලී කිඹුල් සම් බොහෝ කල් තබාගත හැක. කිඹුල් සමේ ස්භාවය අනුව අත්කම් භාණ්ඩ සෑදීමට යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීම අපහසු වන අතර ශිල්පීන්ගේ දක්ෂතාව ප්‍රධාන වේ. නිර්මාණ කරුවන්ගේ දක්ෂතා නිසා මුලින් කරදරයක් වූ කිඹුලා පසුව සුඛෝපබෝගී ආයිත්තම් නිර්මාණයට නැතිවම බැරි විය. සමහර කිඹුල් වර්ග වඳ වී යාමට මෙය ප්‍රධාන හේතුවක් විය.  


       එකල වඳ වී යාමේ තර්ජනට මුහුණපා සිටින සතුන් සංරක්ෂණය කිරීමේ අන්තර් ජාතික සම්මේලනය යටතේ කිඹුලා ද වර්ග කර ඇත.  එමගින් සම් සඳහා කිඹුලන් දඩයම් කිරීම හා සම් වෙළඳාම සඳහා දැඩි නීති රීති පනවා කිඹුල් දඩයම සීමා කරන ලදි. 



එමෙන්ම කිඹුල් සංරක්ෂණ ව්‍යාපෘතියක් දැන් ලොව පුරාම ක්‍රියාත්මක වෙමින් පවතී. ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක කරන ක්‍රමය නම් කිඹුලා තම ස්භාවික වට පිටාවේම සංරක්ෂණය කිරීමයි. තමා වාසය කරන පරිසරයේ සමබරතාව රැකීමට කිඹුලාගෙන් විශේෂ සේවයක් ඉටු වේ.


      ලෝක ව්‍යාප්ත කිඹුල් සංරක්ෂණ ව්‍යපෘතිය නිසා වර්තමානය වන විට කිඹුලා වඳවී යාමට මුහුණපා සිටින සත්වයෙක් නොවේ. සමහරුනට මිනිස් ආත්මයේ සංකේතය වී ඇති කිඹුලා විටෙක විශ්වාසවන්ත මිත්‍රයෙකි, තවත් විටෙක මාර්ගෝදේශකයෙකි, ආරක්ෂකයෙකි.
ඉන්දු පැසිපික් සාගර ආශ්‍රිත කිඹුලා නිල් මෝරාටත් වඩා භයානක මාංශ භක්ශකයෙකි. ඒ ඔවුන්ට කරදිය හා මිරිදිය දෙකෙහිම ජීවත් විය හැකි නිසාය. 

 
සඳුදා රාත්‍රී 07.00 ට
මිහිකත ඔබ්‍ෙය වාර්තා වැඩසටහන තුළින්
 කිඹුලාගේ කතන්දරය නරඹන්න...

No comments:

Post a Comment