Nov 2, 2017

සර්පයන්ගේ කතන්දරය



ලොව පුරා විසිරී සිටින විවිධ වර්ග වලට අයත් සර්පයින් පුදුම සහගත උරග කොට්ඨාශයක් ලෙස සැලකේ. අතීතයේ සිට මිනිසා සර්පයින්ට වැඳුම් පිදුම් කළේය. ඔවුන්ට ආදරය කළා සේම වෛර ද කළේය. ඔවුන් දෙස බැලූවේද බියෙන් හා අවිශ්වාසෙනි. සර්පයා විටෙක දෙවියෙක් විය.
තවත් විටෙක යක්ෂයෙක් විය.

    


විෂගෝර සර්පයින් ලෝකයේ සෑම ප‍්‍රදේශයකම ජීවත් වේ. ඔවුන් නැත්තේ උත්තර හා දක්ෂිණ ධ‍්‍රැව ආසන්න ප‍්‍රදේශ වල පමණි. ඉතාම විසකුරු සර්පයින් බොහෝවිට දක්නට ලැබුනේ නිවර්තන හා අන්තර් නිවර්තන ප‍්‍රදේශ වලයි. සෑම වසරකම මිනිසුන් මිලියන 5ක් පමණ
සර්ප විෂට ගොදුරුවේ. එසේ විෂ ශරීර ගතවූවන්ගෙන් 120,000ක් පමණ ජීවිතක්‍ෂයට පත්වේ. මෙය වඩාත්ම බලපාන්නේ ලතින් ඇමරිකාව අප‍්‍රිකාව  ඕස්ටේ‍්‍රලියාව හා ආසියාතික රටවලටයි. ලෝකයේ සර්ප වන්දනාව හා සම්බන්ධ සිරිත්විරිත් රාශියකි. මෙතරම් ඇදහිලි හා විශ්වාස ප‍්‍රමාණයක් මිනිසා තුළ ඇති වූයේ කෙසේද යන්න ප‍්‍රශ්නයකි.
   


 
 මිනිසා සර්පයා කෙරේ දක්වන ප‍්‍රතිචාර විවිධාකාරය. සර්පයා යනු බිය හා විශ්මය දනවනසුළු සත්ව කොට්ඨාශයකි. දියුණු බටහිර රටවල සර්පයින් නිසා ඇතිවන අනතුරු අඩුය. 

 එවැනි රටවල සර්පයා යනු අවාසනාව හා විනාශය ගෙන එන සතෙක් පමණි. එහෙත් සර්පයින් නිසා අනතුරු සිදුවන රටවල මිනිසුන්ම ඔවුන්ට වැඳුම් පිදුම් කරති. ඔවුන්ට දෙවියන් හා සමානව සලකති.  

සඳුදා රාත්‍රී 07.00 ට
මිහිකත ඔබ්‍ෙය වාර්තා වැඩසටහන තුළින්
සර්පයින්ගේ කතන්දරය නරඹන්න

No comments:

Post a Comment