Apr 5, 2018

සුපිරි සුව නවාතැන්

 Royal Livingstone Hotel
 
Royal Livingstone Hotel

 අප‍්‍රිකාවේ වගා නොකල බිම් පෙදෙසකට හා තුරු පෙළකට මැදිව ඇති දැකුම්කළු බිම් කඩට නුදුරුව ඇත්තේ සැම්බියාවේ වික්ටෝරියා ඇල්ලයි.


සැම්බේසි ගං ඉවුර මෙසේ දරා සිටින්නේ අපූරු නවාතැනකි. ඒ 19වන සියවසේ සුප‍්‍රසිද්ධ නිමැවුම්කරා යළි පා නැගීමට මං කියන
Royal Livingstone හෝටලයයි...



Old Cataract Hotel


නයිල් නිම්නයට ආසන්නයෙන් උතුරු ඊජිප්තුවේ අතීත තවලම් මතකය පිරුණු බිමක් වන මෙය පාරාවෝවරුන්ගේ පෞඪත්වය කියාපාන පරිසරයේ ඇති ගංගාවට මුහුණලා පිහිටි Old Cataract හෝටලය 1899 දී ශී‍්‍රමත් කුක් විසින් ගොඩනංවන ලද්දකි. 

අධිරාජ්‍යවාදී සමයේදී අලූත් ඉඩම් සොයාපැමිණෙන බි‍්‍රතාන්‍ය ජාතිකයන්ට කදිම තෝතැන්නක් විය....



මෙවර මිහිකත ඔබේය තුළින් පරිසරය මිනිසුන්ට සමීප කරවන ආකාරයෙන් ගොඩනැංවුන සුපිරි සුව නවාතැන් පිළිබඳ තොරතුරු බලාපොරොත්තුවන්න...

Apr 2, 2018

ගෝරිල්ලෝ සහ කටුස්සෝ

ලීස් සහ ගෝරිල්ලෝ



නිරිත දිග උගණ්ඩාවේ අන්තර් ජාතික ගෝරිල්ලන් සංරක්ෂණ මධ්‍යස්ථානයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ‘‘ලීස්’’ය..



 කඳුකර ගෝරිල්ලන් වාසය කරන ප‍්‍රදේශ දෙකෙන් එකක් මේ වනජීවී රක්ෂිතයයි. වර්තමානය වන විට මිනිසාට සමාන මෙම වානරයන් වඳවීමේ තර්ජනයට ලක්වී ඇත. ලෝකයේ වෙසෙන කඳුකර ගෝරිල්ලන්ගෙන් අඩක්ම වෙසෙන්නෙ බුරුණ්ඩි දේශයේයි.


 ගෝරිල්ලා දේනුවක් පැටවුන් ලබන්නේ වසර 4කට වරයි. එය ඔවුන්ගේ පැවැත්ම ගැන සිතන විට එය ඉතාම ශෝචනීය කරුණකි.


ජෝන් සහ කටුස්සෝ

 



 ගිනිකොණ දිග මොරොක්කෝවේ ඇට්ලස් කඳු වැටිය පාමුල පිහිටි කාන්තාරයේ ජීවත් වන කටුස්සන් පිළිබඳව පරීක්ෂණ කරමින් එම කාන්තාරයේ වෙසෙන උරග ජීව විද්‍යාඥයෙක් ලෙස ජෝන් හැඳින්විය හැක.


 කුඩා කටුසු විශේෂ පිළිබඳ විශේෂඥ දැනුමක් ඔහු සතුවේ. පරීක්ෂණ සඳහා කටුස්සන් අල්ලා ගැනීම ඉතාම දුශ්කර කාර්යයකි. මන්දයත් කටුස්සන් වෙසෙන්නේ ගල් හා කටු පඳුරු බහුල ප‍්‍රදේශවලයි. මේ කටුස්සන් සතුව අනතුරු හඳුනාගැනීමේ ඉවක් ඇත. ඒවගේම ඔවුන්ට වේගයෙන් දිවීමේ හැකියාවක් ද පවතී.

ගෝරිල්ලන් සහ කටුස්සන් පිළිබඳ තවත් තොරතුරු මෙවර මිහිකත ඔබේය තුළින්...

Mar 22, 2018

හිපෝවෝ සහ ඇතුන්

හාන්ස් සහ හිපෝවෝ


 

හාන්ස් එළිසබෙත් රැජින ජාතික වනෝද්‍යානයේ පරීක්ෂණ සිදුකරයි.
එහි සිටින සතුන් අතරින් හාන්ස් විශේෂ අවධානයක් යොමුකර ඇත්තේ හිපෝ සතුන් වෙතයි. 



හාන්ස් හිපෝ සතුන් සම්බන්ධයෙන් ලෝකයේ සිටින ප‍්‍රධාන පෙළේ සත්ව විද්‍යාඥයෙක්. මෙම වනෝද්‍යානයේ හිපෝවන් 3000ක් පමණ ජීවත්වේ. හිපෝ දියගොඩ දෙකේම වෙසෙන සතෙකි.


 ඔවුන්ගේ ජීවිත කාලයෙන් හරි අඩක්ම ගෙවීයන්නේ දියේය. හිපෝ ජලචර සතෙක් වුවත් ඔවුන්ට පිහිනිය නොහැකිය.



මැරියන් සහ ඇතුන්

මැරියන් දැඩි අධිෂ්ඨානයකින් හා ඉවසීමෙන් කැප වී සිටින්නේ අලි ඇතුන් ආරක්ෂා කරගැනීම සඳහායි. 



ඇය වසර පහකට පෙර මෙම ප‍්‍රදේශයට පැමිණ ඇත්තේ අලි ඇතුන් අධ්‍යයනය සඳහායි. ඇය අලින්ව අමතන්නේ අමුතුම ආකාරයකටයි. 

අලින් ඉක්මන් මෙන්ම අනතුරුදායකයි. දකුණු අප‍්‍රිකානු වනාන්තර තුරුලතා වලින් ගහණයි.

අලි නිරීක්ෂණයට හොඳම ස්ථානය දිය කඩිති අසලයි. අලින්ට ජලය අත්‍යාවශයි. තමන් වෙසෙන ප‍්‍රදේශයට හා වටපිටාවට අනුකූලව කණ්ඩායම් තනා ගැනීම පිරිමි අලින්ගේ ස්භාවයයි.




Mar 7, 2018

ජිරාෆයෝ සහ කළු ඩොල්ෆින්

වූටර් සහ ජිරාෆයෝ

දකුණු අප‍්‍රිකාව වනජීවී රක්ෂිත ප‍්‍රදේශයක් මෙන්ම ජිරාෆයන්ට පාරාදීසයකි. මෙහි එක් ප‍්‍රදේශයක ජිරෆයන් අභිරහස් ලෙස මිය යාමට පටන්ගෙන තිබිණි. 

වුටර් වෑන් ජීව විද්‍යාඥයෙක් මෙන්ම ජිරාෆ් වැනි ක්ෂීරපායින් පිළිබඳ විශේෂඥයෙක්. ඔහුට මිය ගිය ජිරාෆයන්ගේ ඡායාරූප ලැබුණි. ඔවුන් මිය යාමට හේතුව කිසිවෙකු දැන සිටියේ නැත.


 ඔහු ඒ පිළිබඳ සෙවීමට ඉදිරිපත් විය. ඔහුට මෙම අභිරහස විසඳිය හැකිවේවි ද ?


බර්න්ඩ් සහ කළු ඩොල්ෆින්

 

දකුණු නවසීලන්තයේ කයිකූරා බොක්ක ආශ‍්‍රිතව ඇති මුහුදු තීරය කළු ඩොල්ෆින්ලා වැඩි වශයෙන් ගැවසෙන ප‍්‍රදේශයකි. 



බර්න්ඩ් වූශිස්  පරීක්ෂණ සඳහා අවුරුදු පතා මාස කීපයක් මෙම ප‍්‍රදේශයේ ගත කරයි.




 ඔහු සාගර ජීව විද්‍යාඥයෙක්. කළු ඩොල්ෆින් සෑම සරත් සෘතුවේම මෙම ප‍්‍රදේශයට පැමිණෙන්නේ තම ප‍්‍රජනන ක‍්‍රියාවලිය සඳහාය. ඔවුන් සය මසක් පමණ මෙහි ගත කරයි. 

 මේ අයුරින් දිග හැරෙන "ජිරාෆයෝ සහ කළු ඩොල්ෆින්"  ගැන තවත් 
තොරතුරු සඳුදා රාත්‍රී 07.00 ට 
මිහිකත ඔබේය නරඹන්න

Feb 13, 2018

ලීමර් වඳුරන් සහ හිම වලසුන්

ඇලිසන් සහ ලීමර් වඳුරන්




 වානර විශේෂඥ ඇමරිකානු විද්‍යාඥ ඇලිසන් ජොලී 30 වසරක්ම වඳුරන් පිළිබඳ අධ්‍යනයක යෙදී සිටියි. 


මැඩගස්කරයේ පමණක් වෙසෙන මෙම අපූරු අමුතු සතුන් නිරීක්ෂණයට ඇලිසන් වසරක් පාසා මෙහි පැමිණෙයි.මෙම දිවයිනේ වන පියස මැඩගස්කර භූ ප්‍රදේශය ග්‍රහලෝකයේ ආදිතම සත්ව විශේෂයක් වන ලීමර් වඳුරන්ගේ වාස භූමියයි. 



වානර පවුලට අයත් ලීමරයන් සත්ව විද්‍යාත්මක වර්ගීකරණයේදී
වඳුරන්ට වඩා පැරණි තැනක් ගනී.

 ඉතා බිය සුළු සත්ව විශේෂයක් වන ලීමර් වඳුරන් නිදාගන්නා විට පවා ඉතාමත් සෝදිසියෙන් සිටී.

මැල්කම් සහ හිම වලසුන්




මැල්කම් රැම්සි, විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙකි. ඔහු වසර 13ක සිට හිම වලසුන් පිළිබඳ අධ්‍යනය කරමින් සිටී. කැනඩාවේ උතුරු දෙසින් පිහිටි හඩ්සන් වෙරළ තීරයට සරත් සෘතුව ළඟා වූ විට හිම වලසුන් 1000 ක් පමණ තුන්මසක් පමණ බලා සිටින්නේ දිය මත අයිස් තට්ටු සෑදෙන තුරුයි. ඔවුන්ගේ එකම ආහාරය වන සීල් මත්ස්‍යයින් පැමිණෙන්නේ එවිටයි.




 වැලහින්නක් රාත්තල් 650ක් පමණ බරින් යුක්තයි. වැඩුනු වලසෙකු එමෙන් තුන් ගුණයක් බරින් යුක්තවේ.




 හිම වලසුන් ප්‍රජනන ක්‍රියාවලියේ යෙද‍ෙන්නේ අප්‍රේල් මාසයේය. සරත් සෘතුව එළඹෙන විට වලස් මව පොළවේ ගුහාවක් සාදාගෙන හෝ වෙනත් සුදුසු ස්ථානයකට ගොස් දරු ප්‍රසූතියට සූදානම් වේ. 
 දෙසැම්බරයේදී පමණ පැටවුන් දෙදෙනෙකු, තුන්දෙනෙකු හෝ ඇතැම් විට එක් පැටවකු බිහිකරයි.

Feb 6, 2018

තල්මසුන් සහ මාමත්

රිචඩ් සහ තල්මසුන්




නැගෙනහිර කැනඩාවේ ශාන්ත ලොරන්ස් නදිය අසබඩ මැයි සහ නොවැම්බර් අතර කාලයේ වරල් තල්මසා, නිල් තල්මසා සහ පිට කුදු තල්මසා යන තල්මසුන් විශේෂ දක්නට ලැබේ. 


රිචඩ් මෙම අපූරු සතා ගැන අධ්‍යනයට අවුරුදු පතා මෙහි පැමිණේ.

    පිටකුදු තල්මසුන් වරල් තල්මසුන් නිල් තල්මසුන් යන සෑම විශේෂයකටම යටි තල්ල ප‍්‍රදේශයේ රැලි සහිත පසුම්බියක් ඇත. මුඛය පිම්බීමට හා හැකිලීමට එමගින් හැකියාව ලැබේ.




 ටොන් 10ත් 20ක් අතර වතුර ප‍්‍රමාණයක් එහි සිටින මසුන් සමග ඌ මුඛයට ගනී. පසුව ඒ ජලය පිටතට ගැනීමට උඩුතල්ලේ පිහිටි යෝධ බුරුසුවක් වැනි බැලීන උපකාරී වේ. එවිට මුඛයේ රැඳෙන මසුන් ඌ ගිල දමයි. 
බැලීන



ජැක් සහ මාමත්

නිරිත දිග ප‍්‍රංශයේ වැනුවාස් ජාතික වනෝද්‍යානය වන සතුන් රැසකින් වාස භූමියයි. එය දස අත පැතිරැණු නිම්න හා උස් කඳුවලින් යුතු රක්ෂිත ප‍්‍රදේශයකි. 





සියවස් ගණනක් මෙම සතුන් හඳුන් වන ලද්දේ කඳුකරයේ මූසිකයන් යන නමිනි. මී කුලයට අයත් සතෙකු වන මාමත් යුරෝපයේ වෙසෙන ලෑටිගාන සතුන්ගෙන් විශාලතම එහෙත් බීමරයන්ට පමණක් කුඩා සිව්පාවෙකි. 



දැනට මාමත් විශේෂ 16කට වඩා ලොව පුරා හඳුනාගෙන ඇත. අපේ‍්‍රල් සිට ඔක්තෝබර් මාස වලින් පසු මාමටයන් බිම් කුහර වලට ගොස් නිදාගනී.



 මාමටයන්ගේ ගැබ් කාලය දින 30 කි. වරකට ග්රෑම් 30ක් බර පැටවුන් 2ක් හෝ 5ක් වරකට උපත ලබයි.

මේ අයුරින් දිග හැරෙන "තල්මසුන් සහ මාමත්"  ගැන තවත් තොරතුරු දැනගැනීමට සඳුදා රාතී‍්‍ර 7.00ට
මෙවර මිහිකත ඔබේය නරඹන්න......